ශිෂ්‍යයෙකුට පොතේ දැනුම මෙන්ම ක්‍රීඩා කෞශල්‍යය ද අවශ්‍ය වන්නේය. මනා පෞර්ෂයෙන් යුත් ශිෂ්‍යයකු බිහිකිරීමට ක්‍රීඩාව අත්වැලක් වන්නේය. ක්‍රීඩාව තුළින් ඉවසීම, සාමූහිකත්වය, කණ්ඩායම් හැගීම, ආදී මානුෂීය ගුණාංග දියුණු කරන්නේය. කායික හා මානසික යෝග්‍යතාවය ඇති කිරීමට ක්‍රීඩාව අත්වැලක් වන්නේය.
හ/දුටුගැමුණු මහා විද්‍යාලය වන අප පාසල තුළ ද ශිෂ්‍යයන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට විවිධාකාර වැඩසටහන් සිදුකරනු ලබයි. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයභාර ගුරුභවතා මෙන්ම එතුමියගේ සහායට දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෙකු ද අප පාසල සතුව ඇත. පාසල තුළ ක්‍රියාත්මක වන ක්‍රීඩා වැඩසටහන් කිහිපයක් ලෙස,
- දැල් පන්දු (පිරිමි/ කාන්තා)
- අත් පන්දු (පිරිමි/ කාන්තා)
- ක්‍රිකට්
- කබඩි
- මළල ක්‍රීඩා
අප පාසල ක්‍රීඩා තරගවලින් කොට්ඨාස, කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ කිහිපයක් ලබාගෙන සිටින අතර ක්‍රීඩාව තුළින් ඉදිරියට යාමට අපේක්ෂා කරයි.