කොරෝනා වෛරසය සීග්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වී ඇති මොහොතක ඒ හේතුවෙන් අප පාසලේ ඇතුළු දිවයිනේ සියළුම පාසල්වල අධ්‍යාපන කටයුතු අකර්මන්‍ය වීම සිදුවිය.
කෙසේ වෙතත් පවතින ව්‍යසනකාරි තත්ත්වය යටතේ වුවද පාසල් දරුවන් ආරක්ෂා කරගනිමින් අධ්‍යන කටයුතු සිදුකරන ආකාරය පිලිබදව අධ්‍යාපන අමත්‍යාංශය සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වී මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයකට ම පැතිර ඇති මෙම වෛරසය මින් පෙර රෝග ඇති කළ වෛරසයක් ලෙස හඳුනාගෙන නොතිබූ අතර 2019 වසරේ සිට එය කොරෝනා වෛරසය ලෙස නම් කර ඇත. මෙම රෝගයේ ප්රමුඛ රෝග ලක්ෂණය වශයෙන් උණ, කැස්ස, සහ උගුරේ වේදනාව දැක්විය හැකි අතර, හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම ද මෙහි දී සිදුවිය හැකි බවත් උග්‍ර ආසාදිතයන් සුලු ප්‍රතිශතයකට නිව්මෝනියා වැනි සංකූලතා තත්වයන් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම රෝගයෙන් වැළකීමට පහත උපදෙස් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
- දෑත් නිතර පිරිසිදුව තබා ගන්න. මේ සඳහා නිතර නිතර සබන් යොදා දෙඅත් හොඳින් සේදා පිරිසිදු කරගන්න. මේ සඳහා මධ්‍යසාර විෂබීජ නාශකයක් (Alcohol Rub) වශයෙන් ඇති දෑත් පිරිසිදුකාරක දියර ද භාවිතා කළ හැක.
- කිවිසුම් යාමේදී හෝ කැස්ස ඇති වූ විටදී මුඛය හා නාසය ටිෂු කඩදාසියක් භාවිතයෙන්, ලේන්සුවක් භාවිතයෙන් හෝ වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ආවරණය කරන්න.
- භාවිතා කළ ටිෂු කඩදාසි සෞඛ්‍යාරක්ෂීතව බැහැර කිරීමට වගබලා ගන්න.
- අනවශ්‍ය ලෙස නිතර මුඛය, ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න.
- දෙදෙනෙකු අතර සිදුවන සෑම සංවාදයකදිම මිටරයක පමණ පරතරයක් තබා ගන්න.
- හැකි සෑම විටම මුව ආවරණ පැළද සිටීමට කටයුතු කරන්න.
ආසාදිතයන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. තීව්ර ශ්වසන රෝගයකින් පෙළෙන රෝගීන් සමඟ සමීප ඇසුරෙන් හැකිතාක් වළකින ලෙසත්, එවැනි රෝගියෙකු සමඟ සමීපව කටයුතු කළ අවස්ථාවකදී දැත් හොඳින් පිරිසිදු කරගත යුතු බවත්, වන සතුන්, මියගිය හෝ ආසාදිත සත්වයින් ඇල්ලීමෙන් වළකින ලෙසත්, උණ, කැස්ස, උගුරේ වේදනාව ඇත්නම් මුහුණු ආවරණයක් පැළඳිය යුතු අතර ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතු බවත් එම උපදෙස් මගින් අවධාරණය කරයි.
එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසියම් පාසලකට වැඩිදුරටත් යම් උපදෙසක් හෝ තොරතුරු වීමසීමක් අවශ්‍ය නම් පාසලට ආසන්නයේ ම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112784872/0112784163 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගනිමින් දැනුවත් වන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
වෛරසය ශරීරගත වී දින 02 සිට දින 10 දක්වා කාලය තුල රෝග ලක්ෂණ මතුවිය හැක. නමුත් රෝග ලක්ෂණ මතු වීමට පෙර සිටම ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛරසය බාහිර පරිසරයට පිට විය හැක. එම නිසා රෝග ලක්ෂණ නොමැති වුවත් රෝගය අන් අයට පැතිරීමේ අවධානම අවම කිරීම සඳහා හැකිතාක් දුරට බාහිර සමාජයේ ගැවසීම අවම කිරීම තුලින් වෛරසය අන් ඇයට පැතිරීම බොහෝ දුරට වලක්වා ගත හැක.
ඔබට රෝග ලක්ෂණ මතු වුවහොත් :
- රෝගය අන් අයට පැතිරීම වැලැක්වීම සඳහා අමුහුණු ආවරණ(Surgical Face Mask) පළදින්න
- ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ (Regional Epidimiologist)/ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH)/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දැනුවත් කරන්න.
- වහාම ලගම ඇති නිර්දේශිත රජයේ රෝහලක් වෙත වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන්න.
- නිවසේ සහ සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ (Surgical Face Mask) පැලදීම මගින් ඔවුනට රෝගය වැළදීම වලක්වා ගත