විදුහල්පති පණිවිඩය.
1960 වර්ෂයේදී ගුරුවරු දෙදෙනෙක්ගෙන් හා ශිෂ්‍යයන් අට දෙනෙකුගෙන් ආරම්භ වූ අප පාසල ගොඩනැගිලි එකකින් පමණක් විය.2007.12.01 දින තෙමහල් ගොඩනැගිලි දෙකකින් ද දෙමහල් ගොඩනැගිලි දෙකකින්ද සමන්විත වී නැවත ප්‍රතිනිර්මාණය වන ලදී. කනිටු විදුහලක්ව පැවති අප පාසල වර්තමානයේ දී මහා විද්‍යාලයක් බවට පත් විය. ලුණම උතුර ,ලුණම දකුණ උහපිටගොඩ, නෝනගම හා කිවුල උතුර යන ප්‍රදේශවල සිසු දරුවන් අප පාසලට පැමිණෙති. ඔවුන්ගේ දැනුම වර්ධනය කරමින් වෙනස් වන ලෝකයට උචිත පරිදි සකස් කර ,සමාජ සාරධර්ම අගයන, පරිසරයට ඇලුම් කරන, සමාජයට වැඩදායි නිපුණතා පූර්ණ සිසු පරපුරක් සමාජයට දායාද කිරීම අප විද්‍යාලයේ අරමුණ වන්නේය.විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමත් ක්‍රීඩා තරග හා වෙනත් තරගවලින් ජයග්‍රහණය කර කොට්ඨාසයේ අනෙකුත් පාසල් අතරින් ඉහළින් වැජඹීම ඉලක්කය වන්නේය. අපගේ අධ්‍යයන ගුරු මණ්ඩලයත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් ඒ සඳහා ඇප කැප වී කටයුතු කරති. අප පාසලේ දැනට විදුහල්පතිවරු දාහතක් පමණ සේවය කර ඇති අතර වසර 60 ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇත.
විදුහල්පති,
ජේ.ඒ.රේණුකා ජයවර්ධන.