හ/දුටුගැමුණු මහ විද්‍යාලය.
හ/ දුටුගැමුණු මහා විද්‍යාලයේ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වන මා අප පාසල් සිසු දරුවන් දැනුමෙන් පිරිපුන් පිරිසක් බවට පත් කොට ඔවුන් වෙනස් වන ලෝකයට උචිත පරිදි සකස් කර, තම ඉදිරි ගමන් මග හඳුනාගත්,සමාජ සාරධර්ම අගයන ,පරිසරයට ඇලුම් කරන, සමාජයට වැඩදායි නිපුණතා පූර්ණ යෞවනයන් පිරිසක් සමාජයට ප්රවිශ්ට කිරීම අප දුටුගැමුණු විද්‍යාලයේ අරමුණ වන්නේය. ඒ සඳහා විවිධ සැලසුම් සකස් කරමින් ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමටත් ක්‍රීඩා කුසලතා වර්ධනය කරමින් කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමටත් ගුරුමණ්ඩලය ඇප කැපවී කටයුතු කරති.
අඩු ආදායම් ලාභී පවුල් වල ජීවත් වන බොහෝ දරුවන් අප පාසලට පැමිණෙති. ඔවුන් දක්ෂතා වලින් පිරී ,විනයානුකූල සාරධර්ම වලින් පිරි දරුවන් බවට පත් කිරීම අපගේ ඉලක්කය වන්නේ ය. කොට්ඨාසයේ අනෙකුත් පාසල් අතරින් ඉහළින් වැජඹීම අපගේ ඉලක්කය වන්නේ ය .
නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන),
ආර්. ජී. අනුරාධා
හ/දුටුගැමුණු මහ විද්‍යාලය