පුරාණ දුටුගැමුණු විද්‍යාලය ලුණම විහාරය කේන්ද්‍ර කරගෙන පිහිටුවා තිබු අතර වසර කිහිපයක් එහි ඉගැන්වීම් කටයුතු සිදුකර තිබිණි. අප විද්‍යාලය පිහිටුවීමට මුලිකත්වය ගෙන තිබුණේ ලුණම විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය ජිනරතන මීන් වහන්සේය.
1951 වර්ෂයේදී ගුරුවරු දෙදෙනෙක්ගෙන් හා ශිෂ්‍යයන් අට දෙනෙකුගෙන් ආරම්භ වූ අප පාසල ගොඩනැගිලි එකකින් පමණක් සමන්විත විය. ආරම්භයේදී ලුණම පන්සල තුළ ස්ථාපිත කර තිබු අප පාසල පසු කාලීනව වර්තමාන ස්ථානය වෙත ගොඩනගන ලදි. යුනිසෙෆ් ආධාර යටතේ තෙමහල් ගොඩනැගිලි දෙකකින් ද දෙමහල් ගොඩනැගිලි දෙකකින්ද සමන්විත වී 2007.12.01 දින නැවත ප්‍රතිනිර්මාණය වන ලදී. කනිටු විදුහලක්ව පැවති අප පාසල වර්තමානයේ දී මහා විද්‍යාලයක් බවට පත් විය.
පාසලේ ඵෙතිහාසික විකාශය කෙටියෙන්
- පාසල ආරම්භ වූ දිනය - 1960.06.16
- මුල් විදුහල්පතිතුමාගේ නම - ඩී.ඒ. විතාරණ මහතා
- ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යයාව - 08
- ආරමිභක ගුරැ සංඛ්‍යයාව - 02
- නැවත පංති නිර්මාණය වූ දිනය - 2007.06.01
- උසස් පෙල පංති ආරමභ කල දිනය - 2008.06.01
පාසලේ ඓතිහාසික ඡායාරූප