කොරෝනා වෛරසය සීග්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වී ඇති මොහොතක ඒ හේතුවෙන් අප පාසලේ ඇතුළු දිවයිනේ සියළුම පාසල්වල අධ්‍යාපන කටයුතු අකර්මන්‍ය වීම සිදුවිය.
සදාදරින් පිළිගනිමු ලුණම පියසේ විදු රාණි........
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට කොට්ඨාසයේ ලුණම ග්රාමවරණයේ සුන්දර උස්සන්ගොඩ කන්දට ආසන්නයේ ලස්සන පරිසරයක, තිස්ස මාතර ප්‍රධාන මාර්ගයට මුහුණලා අප පාසල පිහිටා ඇත. 1951 වර්ෂයේදී ගුරුවරු දෙදෙනෙක්ගෙන් හා ශිෂ්‍යයන් අට දෙනෙකුගෙන් ආරම්භ වූ අප පාසල ගොඩනැගිලි එකකින් පමණක් සමන්විත විය. ආරම්භයේදී ලුණම පන්සල තුළ ස්ථාපිත කර තිබු අප පාසල පසු කාලීනව වර්තමාන ස්ථානය වෙත ගොඩනගන ලදි. යුනිසෙෆ් ආධාර යටතේ තෙමහල් ගොඩනැගිලි දෙකකින් ද දෙමහල් ගොඩනැගිලි දෙකකින්ද සමන්විත වී 2007.12.01 දින නැවත ප්‍රතිනිර්මාණය වන ලදී. කනිටු විදුහලක්ව පැවති අප පාසල වර්තමානයේ දී මහා විද්‍යාලයක් බවට පත් විය. 1-13 ශ්‍රේණි දක්වා සිසුන් අධ්‍යාපනය ලබයි. ලුණම උතුර ,ලුණම දකුණ උහපිටගොඩ, නෝනගම හා කිවුල උතුර යන ප්‍රදේශවල සිසු දරුවන් අප පාසලට පැමිණෙති. ඔවුන්ගේ දැනුම වර්ධනය කරමින් වෙනස් වන ලෝකයට උචිත පරිදි සකස් කර ,සමාජ සාරධර්ම අගයන, පරිසරයට ඇලුම් කරන, සමාජයට වැඩදායි නිපුණතා පූර්ණ සිසු පරපුරක් සමාජයට දායාද කිරීම අප විද්‍යාලයේ අරමුණ වන්නේය.විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමත් ක්‍රීඩා තරග හා වෙනත් තරගවලින් ජයග්‍රහණය කර කොට්ඨාසයේ අනෙකුත් පාසල් අතරින් ඉහළින් වැජඹීම ඉලක්කය වන්නේය. අපගේ අධ්‍යයන ගුරු මණ්ඩලයත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් ඒ සඳහා ඇප කැප වී කටයුතු කරති.